Swiper Binary, Octa, Hexa ආදිය සම්බන්ධ MCQ ගැටලු
ප්‍රශ්නය
Decimal අංක -1075ට සමාන වන 16-bit two's compliment binary numberය වන්නේ?
- 1100101111001101
- 1111101111001101
- 1100101110101110
- 1011111001011101
- 1100110010101011
ගැටලුව විසඳන ආකාරය
සාමාන්‍ය ආකාරයට මෙම ගැටලුව විසඳනවා නම්, මුලින් ම decimal අගයේ ඍණ අගය අතහැර වටිනාකම පමණක් සලකා; එය binaryවලට පෙරලා; එහි 1's compliment ගෙන; එන අගයෙහි 2's compliment ගැනීම ය.
නමුත් සම්පූර්ණ decimal අගය ම binaryවලට හැරවීම තරමක් කාලය ගත වන දෙයකි. එම නිසා මෙහි පිළිතුර සරල ව ගන්නා ක්‍රමයක් බලමු. 1075 යනු ඔත්තේ අගයකි. එම නිසා එහි binary අගයේ දකුණු කෙළවර (2⁰ ස්ථානය) 1 වන බව සිහියට ගනිමු. දැන් එය 1's compliment කළ විට 1 0 බවට පත් වේ. එම අගය නැවතත් 2's compliment කළ විට (එනම් 1ක් එකතු කළ විට) 1 බවට පත් වේ. ඒ අනුව අපට ලැබී ඇති උත්තරවල right most අංකය 1 විය යුතු ය. 3වන පිළිතුර හැරුණු කොට ඉතිරි පිළිතුරු හතරෙහි ම එකවල් ඇත. දැන් 3වන පිළිතුර අපට ඉවත් කරන්නට අවසර ඇත.
තව දෙයක් ඇත. එනම්, 1's compliment සිට 2's compliment ගන්නා විට වම් පස කෙළවරට 1ක් එකතු කළ විට කලින් එතන 0 තිබුණ නිසා, වම් පැත්තේ ඇති බිටු කිසිවක් වෙනස් වුණේ නැත.
For adding css, Goto: <]]></b:skin> and add code above it
add conditional size format css viewport